මෙම ප්‍රතිපත්තිය මඟින් අපගේ සේවාවට අදාලව තොරතුරු රැස් කිරීම, භාවිතා කිරීම සහ අනාවරණය කිරීම පිළිබඳ අපගේ ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි පිළිබඳව ඔබව දැනුවත් කිරීම සිදුවේ.මෙම ප්‍රතිපත්තිය වරින් වර අපගේ අභිමතය පරිදි වෙනස් කළ හැකි බැවින් නිතර පරීක්ෂා කරන්න.නව ප්‍රතිපත්තියක් පළ කිරීමෙන් සහ මෙම පිටුවේ ඉහළින් ඇති “අවසන් වරට වෙනස් කරන ලද” දිනය යාවත්කාලීන කිරීමෙන් අපි ප්‍රතිපත්තියේ යම් වෙනස්කම් ඔබ වෙත දන්වා සිටින්නෙමු.
Lucky1 යෙදුම (ඇප් එක - OPTIONAL) භාවිතා කරන්නෙකු ලෙස ලියාපදිංචි වීමේදී ඔබ ස්වේච්ඡාවෙන් ඇතුලත් කරන දත්ත Lucky1 විසින් එක්රැස් කරගනු ලබයි.
ඔබ ඇතැම් තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය ජාල(“SNS”) භාවිතා කරමින් (Facebook සහ google+ ඇතුළුව, නමුත් ඊට පමණක් සීමා නොවී) Lucky1 සමඟ ලියාපදිංචි වීමේදී, අප විසින් ඔබගේ පොදු සමාජ ජාල තොරතුරු පූර්ව පිරවීමේ අවස්ථා සඳහා යොදාගනු ලැබේ. උදාහරණ වශයෙන්,ඔබේ නම හෝ ඔබේ ඊ-මේල් ලිපිනය ප්‍රදර්ශනය වී ඔබගේ සහතික කිරීම සඳහා ඉදිරිපත් වේ. අවසන් රඳවා තැබීමේ(final save) ක්‍රියාවලියට පෙර මෙම තොරතුරු රඳවා තැබීමට හෝ වෙනස් කිරීමට ඇති ඔබේ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ඔබ සතුවන බව ද සලකන්න.ඔබගේ නිශ්චිත අවසරයකින් තොරව Lucky1 කිසිදු SNS තොරතුරක් භාවිතා නොකරනු ඇත.
ඔබගේ ජංගම දුරකතන අංකය,ජාතික හැඳුනුම්පත් අංකය සහ ඔබගේ ඊ-මේල් ලිපිනය වැනි පෞද්ගලික තොරතුරු. ඔබ ඔබගේ facebook හෝ google+ ගිණුම් හරහා ඔබගේ පරිශීලන ගිණුම (User account) සැකසීමට අදහස් කරන්නේ නම්, ඔබ ඒ සඳහා දැනටමත් ලබා දී ඇති පෞද්ගලික තොරතුරු(facebook හෝ google+ වෙත ඔබ විසින් ලබාදී ඇති සැබෑ නම, ඊ-මේල් ලිපිනය සහ පොදුවේ ලබාදී ඇති වෙනත් තොරතුරු ආදිය වැනි) Lucky1 වෙනුවෙන් වන ඔබේ පරිශීලන ගිණුම සැකසීම සඳහා යොදා ගැනේ; Lucky1 විසින් රැස්කරගන්නා තොරතුරු facebook හෝ google+ සමඟ ඔබ එළඹ ඇති පෞද්ගලික සැකසුම් (privacy settings) මත රඳා පවතී.
හඳුනා නොගත් තොරතුරු. ඔබව හඳුනා ගැනීමට හෝ සම්බන්ධ කර ගැනීමට සාධාරණ ලෙස භාවිතා කළ නොහැකි ලියාපදිංචි කිරීමේ සහ ක්‍රියාකාරිත්වයේ කොටසක් ලෙස ඔබ සපයන වෙනත් තොරතුරු ද Lucky1 විසින් එක්රැස් කරයි.(උදාහරණ ලෙස ඔබගේ ජංගම දුරකතන මෘදුකාංග විස්තරය - mobile software version සහ වෙනත් “හඳුනානොගත් තොරතුරු”).ඔබට වඩා හොඳ අත්දැකීමක් ලබා දීම, සේවාවේ ගුණාත්මකභාවය සහ වටිනාකම වැඩි දියුණු කිරීම සහ Lucky1 සේවාව භාවිතා කරන ආකාරය විශ්ලේෂණය කිරීම සහ අවබෝධ කරගැනීම සඳහා Lucky1 විසින් ඔබේ පෞද්ගලික තොරතුරු හඳුනා නොගත් තොරතුරු සමඟ ඒකාබද්ධ කර වෙනත් Lucky1 පරිශීලකයින්ගෙන් ලබාගත් තොරතුරු සමඟ එය ඒකාබද්ධ කළ හැකිය. එමෙන්ම Lucky1 ඔබට විශේෂයෙන් ලබා දීම සඳහා ඒකාබද්ධ කිරීමකින් තොරව එකතුකළ තොරතුරු භාවිත කරනු ලබයි, උදාහරණයක් ලෙස ඔබේ මනාපයන් හෝ සීමාවන් අනුව යම් නිෂ්පාදනයක් ඔබට ලබා දීම වැනි.
ඔබ Lucky1 සමඟ ලියාපදිංචි වන විට, ඔබ සපයන තොරතුරු පෞද්ගලිකමය තොරතුරු වන අතර ඒවා බෙදාහැරීමක් සිදු නොවේ. ඔබගේ නම, ඡායාරූපය, ස්ථානය, උපන්දිනය ඇතුළු, නමුත් ඒවාට පමණක් සීමා නොවන ඔබේ පෞද්ගලික තොරතුරු ඔබට වඩා හොඳ පෞද්ගලිකත්වයක් සහ අදාළ අන්තර්ගතයන් ලබා දීමට පමණක් වනු ඇත.
සියලුම පරිශීලකයින්ට යෙදුම (ඇප් එක - OPTIONAL) හරහා ඔවුන්ගේ ගිණුම සංස්කරණය කිරීමට,පෞද්ගලික තොරතුරු සමාලෝචනය කිරීමට, යාවත්කාලීන කිරීමට, නිවැරදි කිරීමට හැකියාව ඇත.
අපගේ සේවාව වෙනත් තෙවන පාර්ශවීය වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවාවන් සමඟ වන සබැඳි වලින් අන්තර්ගත වේ.එවැනි සබැඳියාවක් click කරමින් ඔබ වෙනත් වෙබ් අඩවියකට හෝ අන්තර්ජාල සේවාවක් වෙත පිවිසීම ඔබ විසින් තෝරාගන්නේ නම් ඔබ සෘජුවම එවැනි තෙවැනි පාර්ශවීය වෙබ් අඩවියකට හෝ අන්තර්ජාල සේවාවක් සඳහා පිවිසෙනු ඇත.එලෙස තෙවැනි පාර්ශවීය වෙබ් අඩවියක් විවෘත කිරීමෙන් ඊට අනුබද්ධ කුකීස් අනුගත කිරීමට ද සිදුවනු ඇත.Lucky1 හා සම්බන්ධ වන වෙනත් වෙබ් අඩවියකට හෝ අන්තර්ජාල සේවාවකට සම්බන්ධ වන සබැඳි(link) එම තෙවන පාර්ශවය සමඟ අපගේ සම්බන්ධතාවය අනුමත කිරීම, බලය පැවරීම හෝ නියෝජනය කිරීමක් හෝ ඔවුන්ගේ පෞද්ගලිකත්වය හෝ තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්ති හෝ භාවිතයන් අනුමත කිරීමක් නොවේ.කිසියම් තොරතුරක් ලබා දීමට හෝ එවැනි වෙබ් අඩවි හෝ සේවාවන් භාවිතා කිරීමට පෙර ඔබ පිවිසෙන වෙනත් වෙබ් අඩවි හෝ සබැඳි සේවාවන්හි රහස්‍යතා ප්‍රතිපත්ති හෝ ප්‍රකාශ කියවීමට Lucky1 ඔබව දිරිමත් කරනු ලබයි.
Lucky1 ඔබේ තොරතුරු වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වේ. එකතු කරන ලද සහ පවත්වාගෙන යන තොරතුරු වල අඛණ්ඩතාව සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා Lucky1 වාණිජමය වශයෙන් සාධාරණ ආරක්ෂණයක් භාවිතා කරයි.කෙසේ වෙතත්, ඔබ අපට සපයන ඕනෑම තොරතුරක සුරක්ෂිතභාවය සහතික කිරීමට හෝ වග කීමට මෙන්ම අනවසර පුද්ගලයින් විසින් විසින් සිදුකරන ප්රවේශවීම්, අනාවරණය කිරීම්, වෙනස් කිරීම් හෝ විනාශ කිරීම් පිළිබඳව Lucky1 සේවාවට සහතික විය නොහැක.Lucky1 ඔබේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු, පිවිසුම් තොරතුරු හෝ ජාතික හැඳුනුම්පත් අංක කිසිදු ආකාරයකින් ඉල්ලා නොසිටී. සංවේදී හා රහස්‍ය යැයි ඔබ සලකන ඕනෑම තොරතුරක් හෙළි කිරීමෙන් වළකින්නැයි Lucky1 අප නිර්දේශ කර සිටින්නෙමු.
ඔබට කිසියම් විමසීමක් ඇත්නම්, කරුණාකර win@lucky1.lk හෝ 0117 989 989 හරහා අප හා සම්බන්ධ වන්න.