වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් මේ හරහා ලොතරැයිපත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. SMS කෙටි පණිවිඩ හරහා ලොතරැයිපත් මිලදී ගන්නා පිරිස් වලංගු ජංගම දුරකතන සම්බන්ධතාවක් හරහා එම කටයුතු සිදුකල යුතුවේ. කෙසේ නමුත්,පහත දැක්වෙන පිරිස් සඳහා මෙම සේවාව වලංගු නොවේ. අනුග්‍රාහක ආයතනයේ සේවකයින් හෝ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්, අනුග්‍රාහක ආයතනයට සේවා සපයන්නන්,නියෝජිතයින් සහ දිනුම් ඇදීම් සඳහා වෘත්තීයමය ලෙස දායකවන ඕනෑම අයෙක්.
මෙය සෑම ලොතරැයියක්ම ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) විසින් ප්‍රකාශයට පත් කර ඇති මිල ආකෘතියට අනුකූල වන අතර ඊට අමතරව සේවා සැපයුම් සන්නිවේදන ආයතනය විසින් අය කෙරෙන සේවා පහසුකම් සැලසීමේ ගාස්තුවද ඇතුලත් වේ.
අලෙවි නියෝජිතභාවය E-005 යටතේ DigitalX Labs පෞද්ගලික සමාගම, අංක 59/6, ග්‍රෙගරි මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි කොට ඇත.
ඉතිරිව ඇති ලොතරැයි සහ දිනුම් ඇදීමේ දින යටතේ එදිනට තවදුරටත් ලබාගත හැකිව තිබෙන ලොතරැයිපත්, ජංගම දුරකථන කෙටි පණිවිඩයක් (SMS) එවීමෙන් හෝ වෙබ් අඩවියට (www.lucky989.lk/www.lucky1.lk) පිවිසීමෙන් මිලදී ගත හැකියි. ඒ අනුව පාරිභෝගිකයින්ට අදාල ලොතරැයිපතට අයත් කේතය(Keyword) 989 ට SMS කිරීම ඔස්සේ ලොතරැයි මිලදී ගත හැකියි. සේවාවට ලියාපදිංචි වූ සහ ලියාපදිංචි නොවූ යන පාරිභෝගික දෙවර්ගයටම එදිනෙදා අවශ්‍ය මොහොතකදී ලොතරැයිපත් මිලදී ගැනීමේ පහසුකම හිමිවේ.
ලොතරැයි දිනුම් ඇදීම් “ලොතරැයිපත් සහ දිනුම් අදින දිනයන්” යන විස්තරයෙහි දැක්වෙන පරිදි, ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට සිදුවේ.
දිනුම් ඇදීමෙන් පසුව අදාල ලොතරැයියේ නිල ප්‍රතිඵලය, ලොතරැයිපත් ලබාගත් සියළුම පාරිභෝගිකයින් වෙත SMS - කෙටි පණිවිඩයක් මඟින් දැනුම්දෙනු ලැබේ.
කේතය(keyword)<හිස්තැනක්>OFF යන්න සඳහන් කර 989ට SMS-කෙටි පණිවිඩයක් යොමුකරන්න.
ටිකට්පත් මිලදී ගැනීමේදී Rs.40 බැගින් ගණුදෙනු කිරීමේදී ඇතිවන තාක්ෂණික අපහසුතා මඟ හරවා ගැනීමට Rs.500 අවම ගනුදෙනුවක් පවත්වා ගන්නා ලෙස බැංකු විසින් උපදෙස් ලබාදී ඇත ඒ අනුව ඔබ ටිකට්පත් මිලදී ගන්නා විට Rs.500 අවම ගණුදෙනුවක් සිදු වුවද ටිකට් සදහා අදාල වන මුදලට අමතරව ඉතිරිවන මුදල ඔබගේ lucky1 ගිණුමෙහි සුරක්ෂිතව පවතී.එය ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ටිකට්පත් මිලදී ගැනීම සඳහා භාවිතා කළ හැක. Rs.500ට වඩා වැඩි ගණුදෙනු සඳහා මෙය අදාළ නොවේ. Rs 500 අවසන් වූ විට නැවත අයකිරීම ස්වයංක්‍රීයව සිදු වේ.
වැඩි විස්තර සදහා අමතන්න 0117989989