Lucky7 යනු සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් නිකුත් කෙරෙන ලොතරැයිපත් ඔබට අන්තර්ජාලය සහ ජංගම දුරකථනය ඔස්සේ මිලදී ගැනීමකට ඉඩ සලසා දෙන සේවාවකි. ඉතා ආරක්ෂාකාරී මෙන්ම විශ්වාසයි සේවාවක් වන මේ ඔස්සේ ලොවෙහි ඕනෑම තැනක වාසය කරන ශ්‍රී ලාංකිකයින්ට දවසේ ඕනෑම වේලාවකදී ලොතරැයිපත් මිලදී ගැනීමේ හැකියාව හිමියි. සිය වාසනාව උරගා බලමින් සුවිසල් ජයග්‍රහණ ලැබීමට කැමති පාරිභෝගික පිරිස වෙනුවෙන් මෙම online ලොතරැයි මිලදී ගැනීමේ සේවාව නිර්මාණය කර ඇත්තේ Zmessenger පෞද්ගලික සමාගමයි. ගෙදරදී, කාර්යාලයේදී මෙන්ම මහ මඟදී වුවත් පෞද්ගලිකත්වය සුරැකෙන සේ මෙන්ම ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය ලොතරැයි පත් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම සේවාව පාරිභෝගිකයාට අවකාශය සලසා දෙයි. එමෙන්ම තමාගේ වාසනා අංකය දන්නා පාරිභෝගිකයින්ට එම අංකයට අනුකූලව වැඩි ජයග්‍රහණ අවස්ථාවක් හිමි කර දිය හැකි අංක සඳහන් ලොතරැයිපත් සොයා, තෝරා, මිලදී ගැනීමේ අවස්ථාවද Lucky7 online ලොතරැයි පත් සේවාව ඔස්සේ පාරිභෝගිකයාට හිමිවේ. මෙම Lucky7 නිර්මාණය කොට ඇත්තේ සියලුම ලොතරැයි පරිභෝගිකයින්ට එකම ස්ථානයකින් සියළුම ආකාරයේ ලොතරැයි පත් මිලදී ගත හැකි මෙන්ම ඉතා පහසු පියවර කිහිපයකින් පමණක් දසලක්ෂ ගණන් ජයග්‍රහණ වලට අවස්ථාව හිමි කර දෙන සේවාවක් ලෙසිනි.
zMessenger තාක්ෂණික මෙහෙයුම් පද්ධති විසින් උසස් තාක්ෂණයන් යොදාගනිමින් ව්‍යාපාරයේ අනාගතය අර්ථ දක්වන, දත්ත පාදක කර ඇති තීරණ සැලසුම් සහිත සේවා ප්‍රවේශයක් ගොඩනගයි. zMessenger යනු ඩිජිටල් අලෙවිකරණ කර්මාන්තයේ පුරෝගාමියෙකි. එමෙන්ම ශ්‍රී ලංකාව තුල සිදුවෙමින් පවතින ඩිජිටල් පරිවර්තනයට නව අර්ථකතනයක් සපයන ප්‍රචාරණ තාක්ෂණය, දත්ත විද්‍යාව, කෘතීම බුද්ධි තාක්ෂණය සහ Gaming වැනි ඩිජිටල් විනෝදාත්මක සේවා සැපයීමේ විශේෂිත වූ නවතම ව්‍යාපාරය, වසර 19කටත් වඩා ඩිජිටල්කරණයේ අත්දැකීම් ඇති zMessenger වේ.